Saturday, May 4, 2024

General line - 0115112241

NDB  බැංකුව˜NDB Talking Calendar˜ නමින් ක්ෂේත්‍රයේ පළමු AI සහ AR දින දර්ශනය එළිදක්වයි




NDB බැංකුව සිය AI සහ AR  ඒකාබද්ධ දින දර්ශනය 2024 ජනවාරි 2 වන දින නවම් මාවතේ පිහිටි NDB ප්‍රධාන කාර්යාලයේ දී  එළිදක්වා තිබෙනවා 

සාම්ප්‍රදායික දින දර්ශන ක්‍රමවේද අභිබවා යන මෙම විප්ලවීය සංවාදාත්මක දින දර්ශනය, පාරිභෝගිකයින් හට අවශ්‍ය බැංකු තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක් තබා ඇත.

මෙම AI සහ AR  ˜NDB Calendar Pal˜  දින දර්ශනය, අතථ්‍ය (virtual) සහායකයෙකු ලෙස සේවා සලසමින්, පරිශීලකයින්ට වසර මුළුල්ලේ නැවුම් අත්දැකීමක් ලබා දෙයි. 

මෙම වැඩසටහනේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව අවධාරණය කළ NDB  හි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා, NDB Talking Calendar හඳුන්වාදීම හරහා අනාගතය පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන අප, සම්ප්‍රදාය සහ නවෝත්පාදනය එකට හමුවන සන්ධිස්ථානයක සිටින්නෙමු. 

සාම්ප්‍රදාය නවමු තලයකට ගෙන එමින් අමතක නොවන බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා අප සතු කැපවීම මේ හරහා සනිටුහන් කෙරේ. 

බැංකු ක්ෂේත්‍රය පරිවර්තනයකට බඳුන් වන යුගයක, නැවුම් ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට සහ අප සමඟ ඔබ පවත්නා සබඳතා ඉහළ නැංවීමටත්, එය විශිෂ්ටත්වයේ ඉදිරියෙන්ම පවතින බවට සහතික කිරීමටත් NDB  බැංකුව පෙරමුණ ගනී” යනුවෙන් සඳහන් කළේ ය.


මෙසේ එළි දැක්වූ දින දර්ශනය NDB  බැංකුවේ ඩිජිටල් ගමන්මගෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 2024 නව වසරේදී වඩාත් පෙරළිකාර තාක්ෂණයන් ඔස්සේ බැංකුකරණය සේවා ප්‍රවර්ධන සහ ප්‍රචාරණය කිරීම මෙරට මූල්‍ය ඉතිහාසයේ මහඟු පියවරක් වනු ඇත..

˜NDB Talking Calendar˜  දින දර්ශනය බැංකුකරණයේ අනාගතය හැඩගැස්වීම සඳහා NDB බැංකුව සතු ක්‍රියාකාරී ප්‍රවේශය සංකේතවත් කරන අතර, බාධාවකින් තොරව, කාර්යක්ෂම හා ආකර්ෂණීය බැංකු අත්දැකීමක් ඒ හරහා නිර්මාණය කෙරේ.

නව වසරට පා තබන NDB බැංකුව ” අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු” යන සන්නාමයට අනුකූලව සකස් කළ මෙම නව්‍ය දින දර්ශනය තාක්ෂණය සහ බැංකුකරණ පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීම සඳහා ඉවහල් වන අනාගතයක් සඳහා අවැසි පසුබිම නිර්මාණය කරයි.

 NDB බැංකුව, නවමු මංපෙත් ගවේෂණය කිරීමට, පරිවර්තනීය තාක්ෂණයන් හඳුන්වා දීමට සහ ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස තම අනන්‍යතාව ශක්තිමත් කිරීමට කැපවී සිටියි.

අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාගැනීම සඳහා, NDB Calendar Pal  හි QR කේතය ස්කෑන් කර, වසර පුරා බැංකුව පිරිනමන ආකර්ෂණීය යාවත්කාලීන කිරීම්වලින් සුසැදි ගමනක් ආරම්භ කරන්න. 

වෙනසක් කරා ගමන් කිරීම පමණක් සිය අරමුණ කරනොගත් NDB බැංකුව, සෑම පාරිභෝගිකයෙකුගේම බැංකුකරණ අත්දැකීම අති නවීන සහ අද්විතීය අත්දැකීමක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී වී කටයුතු කරයි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත.

2023 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උළෙලේ දී වසරේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කෙරිණි. 

එමෙන්ම, ඒෂියා මනී විසින් NDB බැංකුව 2023 වසරේ හොඳම බැංකු සමාගම ලෙස නම් කරන ලදී. 

තවද, ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී.

 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. 

මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work  ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. 

NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. 

ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.