Wednesday, May 1, 2024

General line - 0115112241

දෙවනි ඉනිමේදී අසාර්ථක වුවත් ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන් වන දිනය නිමා වන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 102ක් රැස් කර ගෙන සිටියා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 03ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

නිශාන් මධුෂ්ක දැවී ගියේ ලකුණු 34ක් රැස් කර සිටියදීයි.

දිමුත් කරුණාරත්න ලකුණු 04ක් රැස් කර සිටියදී දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 02ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 09යි.

නායක ධනංජය සිල්වා එක් ලකුණකට දැවී ගිය අතර කමිදු මෙන්ඩිස්ද ලකුණු 09ක් රැස් කර සිටියදී දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී අසාර්ථක වුවද මේ වන විට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531ක් රැස් කළ අතර බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 178ක් පමණයි.