ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබෙනවා.
එම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම සාප්පු සංකීර්ණයේ සිටි මවක් සහ මාස නවයක් වන දරුවෙකුද පිහි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
අනතුරෙන් එම මවද මියගොස් ඇති අතර තුවාල ලැබූ දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකටද ලක් කර ඇති බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා.
කෙසේවෙතත් පොලිස් නිලධාරියෙකු කල වෙඩිතැබීමකින් පිහි ප්‍රහාර එල්ල කල සැකකරු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.