Friday, October 18, 2024

General line - 0115112241

දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනපති කියයි 




දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවුයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (19) පැවති උත්සවය අමතමිනි.