Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාවේ මුහුදු ආහාර සඳහා අමෙරිකාවෙන් හා චීනයෙන් ලොකු ඉල්ලුමක්

චිරාන් ධර්මසේන




2023-24 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාවේ මුහුදු ආහාර අපනයන පරිමාවේ සර්වකාලීන ඉහළම අගයකට ළඟා වූ බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

2023-24 කාලය තුළ ඉන්දියාව රුපියල් කෝටි 60,523.89 (USD බිලියන 7.38) වටිනා මුහුදු ආහාර මෙට්‍රික් ටොන් 17,81,602 නැව්ගත කළ බව ද අමාත්‍යාංශය පවසා තිබෙනවා.

අපනයන වෙළෙඳපොළේ විවිධ අභියෝග මධ්‍යයේ වුවද රට එම ජයග්‍රහණය කර ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

ප්‍රධාන අපනයන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් කල, ශීත කළ ඉස්සන්, ප්‍රමාණයෙන් මෙන්ම අගයෙන් ඉදිරියෙන් සිටින අතර ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ඉන්දියාවේ මුහුදු ආහාරවල ප්‍රධාන ආනයනකරුවන් බවට පත්ව සිටිනවා.

2023-24 මූල්‍ය වර්ෂය තුළ අපනයනය ප්‍රමාණාත්මකව සියයට 2.67 කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

 2022-23 දී ඉන්දියාව රුපියල් කෝටි 63,969.14 (ඇමරිකානු ඩොලර් මිලියන 8,094.31) වටිනා මුහුදු ආහාර මෙට්‍රික් ටොන් 17,35,286ක් අපනයනය කර තිබෙනවා