Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

චිරාන් ධර්මසේන




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් සිදු වුණා.

ඒ ලාඕසයේ Vientiane හි ASEAN හමුවීම්වලට සමගාමීවයි.

එහිදී විදේශ අමාත්‍යවරුන් දෙපළගේ ඡායාරූපයක් ඉන්දියාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනවා.

එහිදී ජයශංකර් සහ ලැව්රොව් අතට අත දෙන විට සිනහවක් බෙදා ගන්නා ආකාරය දක්නට ලැබෙනවා.

අනතුරුව X පණිවිඩයක් නිකුත් කරමින් එස් ජයශංකර් පැවසුවේ එම හමුවේදී ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සහ සමකාලීන ගැටළු පිළිබඳ සාකච්ඡා කළ බවයි.

දැනට යුද කලාපයේ සිටින ඉන්දියානු ජාතිකයන් පිළිබඳව ද දැඩි සැලකිල්ල මතු කළ බවයි ඔහු පැවසුවේ