සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා තිබෙනවා.
ඒ, ඔහුගේ නිවසේදීයි. අනවසරයෙන් නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු මෙම පිහි ප්‍රහාරය එල්ල කර තිබුණා. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කර ඇති අතර ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙනවා.
සයිෆ් අලී ඛාන්ට සමීප මූලාශ්‍ර උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද අලුයම 02යි 30ට පමණ සොරකමක් සිදු කිරීමට පැමිණි පුද්ගලයෙකු පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එහිදී ඔහුගේ බෙල්ලට සහ කොඳු ඇට පෙළට ද තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සයිෆ් අලී ඛාන්ගේ සිරුරේ පිහි ඇනුම් තුවාල 06ක් ඇති බවත් ඉන් දෙකක් බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සිද්ධිය සිදු වූ රාත්‍රියේ ඔහුගේ බිරිඳ කරීනා කපූර්, ඇගේ සහෝදරිය වන කරිෂ්මා කපූර් සහ මිතුරන් වන සෝනම් සහ රියා කපූර් සිට තිබෙනවා.
එහෙත් ඔවුන්ට මෙම සිද්ධියෙන් කිසිදු හානියක් සිදුව නැහැ.
මෙම සිදුවීම හේතුවෙන් සයිෆ් අලී ඛාන්ගේ රසිකයන් සහ චිත්‍රපට කර්මාන්තය කම්පනයට පත් කර ඇති අතර, බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය වෙත තම කනස්සල්ල පළ කරමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටිනවා.
54 හැවිරිදි සයිෆ් අලී ඛාන් ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු ද වනවා.