අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන තවත් ලැව් ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ, ඉතිහාසයේ වඩාත්ම දරුණුතම ලැව් ගින්නෙන් ලොස්ඇන්ජලීස් ජනතාව පීඩාවට පත්ව ඇති පසුබිමකයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලැව් ගින්න නගරයට උතුරින්, නේවාසික ප්‍රදේශ සහ පාසල් කිහිපයකට මායිම් වන කඳුකර ප්‍රදේශයක හටගෙන ඇති බවයි.
දැඩි සුළං හේතුවෙන් පැය දෙකක් තුළ පාලනය කළ නොහැකි තත්ත්වයකට ගින්න පැතිර ගොස් තිබුණා.
ඉන් මේ වන විටත් අක්කර 5,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැතිර ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම මස මුලදී ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ දැවැන්ත ලැව් ගිනි දෙකක් හටගත්තා.
ඒවා තවමත් සම්පූර්ණයෙන්ම නිවා දමා නැහැ.
එක් ගින්නකින් අක්කර 14,021ක් දැනටමත් විනාශ වී තිබෙනවා.
එම ගින්න පාලනය කර ඇත්තේ සියයට 91ක් පමණයි.
අනෙක් ගින්නෙන් අක්කර 23,448ක් විනාශ වී තිබෙනවා.
එම පාලනය කර ඇත්තේ සියයට 68ක් පමණයි.
පුද්ගලයින් 28 දෙනෙකුට දිවි අහිමි කළ මෙම ගින්නෙන් දැවී විනාශ වී ගිය ගොඩනැගිලි සංඛ්‍යාව 16,000ක්.