Friday, January 24, 2025

General line - 0115112241

ලොස්ඇන්ජලිස් අලුත් ලැව් ගින්නෙන් අක්කර 9,200ක් විනාශයි




අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන අලුත් ලැව් ගින්නෙන් මේ වන විට අක්කර 9,200 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. 

පවතින තත්ත්වය සලකා අවදානම් කලාපයේ සිටින දහස් ගණනක් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

ඒ අතරින් පුද්ගලයින් 31,000කට වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර තවත් 23,000 කට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

අවදානම් කලාපයේ පිහිටි බන්ධනාගාරයක සිටි සිරකරුවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

මෙම අලුත් ලැව් ගින්න හටගෙන තිබුණේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැතපුම් 45 ක් පමණ වයඹ දෙසින්.

තද සුළං සහ වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවයි දැන් අනතුරු අඟවා ඇත්තේ. 

මෙම මස මුලදීද ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ දැවැන්ත ලැව් ගිනි දෙකක් හටගත්තා. ඒවා තවමත් සම්පූර්ණයෙන්ම නිවා දමා නැහැ. 

මේ දක්වා ඉන් විනාශ වි ඇති භූමි ප්‍රමාණය අක්කර 37,500කට අධිකයි. 

පුද්ගලයින් 28 දෙනෙකුට දිවි අහිමි කළ මෙම ගින්නෙන් දැවී විනාශ වී ගිය ගොඩනැගිලි සංඛ්‍යාව 16,000ක්.