Friday, March 29, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය අගමැති පුටුව බාරගන්න ‘තෙරේසා මේ’ සූදානම්




බි‍්‍රතාන්‍ය වඩාත් සාර්ථක හා යහපත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන යාමට කැපවන බව එරට අග‍්‍රාමාත්‍ය ධුරයට යෝජනා වී සිටින ‘තෙරේසා මේ’ පවසනවා.

වත්මන් අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් සිය ධුරයෙන් හෙට (13) ඉල්ලා අස්වීමට නියමිතයි. අනතුරුව ‘තෙරේසා මේ’ අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඇය මේ වන විට කටයුතු කරන්නේ බි‍්‍රතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් ලෙසයි. පාලක කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා වූ සටනින් ඇය ඉකුත් දා ජයගත්තා.

අග‍්‍රාමාත්‍ය ධුරය සඳහා ඇගේ නම යෝජනා වූයේ ද ඒ අනුවයි. මේ වන විට 59වන වියේ පසුවන ‘තෙරේසා මේ’ බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන දෙවන කාන්තාව ද වනවා.