Friday, May 17, 2024

General line - 0115112241

පෙම්වතාගේ චපලකම දැක, පෙම්වතිය පෙම්වතාට මැහුම් 18 දාන්න වැඩක් දීලා!



තම පෙම්වතා වෙනත් තරුණියක් සිප වැළඳගන්නා අයුරු දැකීමෙන් කෝපයට පත් තරුණියක් ඔහුට පහර දී තියුණු තලයකින් කපා කොටා තුවාල කල පුවතක් වාර්තා වනවා.

Joylene Cunningham නම් මෙම තරුණිය කළ පහර දීමෙන් තරුණයාගේ 18 පොලකට මැහුම් දමා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම තරුණිය අවුරුදු දෙක හමාරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

තම පෙම්වතිය තමාට වංචා කරන බව හැඟුණ හෙයින් ඇගෙන් පලිගන්නා අදහසින් මෙලෙස වෙනත් තරුණියක් සමග තමා සිප වැළඳගන්නා අයුරු ඇයට දැකීමට සැලැස්වූ බව පහර දීමට ලක්වූ මෙම තරුණයා පවසනවා.

කෙසේ වෙතත් මෙසේ සිදුවීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව තරුණිය අධිකරණය වෙත කියා සිටියා.

 

361F7F4C00000578-3683189-image-a-64_1468155224095