Saturday, July 27, 2024

General line - 0115112241

කුන්දුස් මෙහෙයුම් වලින් සිවිල් වැසියෝ 33 මියගිය බව ඇමරිකාව පිළිගනී




ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් ප්‍රදේශයේ ඉකුත්දා ක්‍රියාත්මක කෙරුණු ඒකාබද්ධ හමුදා මෙහෙයුමක දී සිවිල් වැසියන් 33 දෙනෙකු මියගිය බව අමෙරිකාව පිළිගෙන තිඛෙනවා.

මෙම මෙහෙයුම සිදු කෙරුණේ එම ප්‍රදේශයේ සැගව සිටින තලෙයිබාන් නායකයින් ඉලක්ක කර ගනිමින්.

මෙහෙයුමේ දී අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන කමාන්ඩෝ භටයන් දෙදෙනෙකු මෙන්ම තලෙයිබාන් සටන්කාමීන් 26 දෙනෙකු මිය ගියා.

මෙම මෙහෙයුම සදහා ගුවන් සහය ද ලබාගත් බවයි අමෙරිකානු ආරක්ෂක අංශ සදහන් කළේ.