Friday, January 17, 2025

General line - 0115112241

බිග්බෑෂ් තරගාවලියේ තරගයකින් සිඩ්නි ජය ගනී




ඕස්ටේ‍්‍රලියානු බිග්බෑෂ් ක‍්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගයකින් ජය ගැනීමට බ‍්‍රැඩ් හැඩින්ගේ නායකත්වයෙන් යුත් සිඞ්නි සික්සර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 156ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ සිඞ්නි සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු හතක් දැවී ලකුණු 160 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.