Thursday, September 19, 2024

General line - 0115112241

කෑම බීම රැසකම මිල වැඩිවෙයි?



දුම්කොළ හා මද්‍යසාරවලට මෙන්ම සීනි , ලූණු සහ මේදය බහුල ආහාරවලටද බදු වැඩිකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එමගින් සිරුරට අහිතකර එම ආහාර පරිභෝජනය අවම කිරීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

සීනි, ලූණු සහ මේදය බහුල ආහාර බෝ නොවන රෝග බොහෝමයකට හේතුවන බව හඳුනාගෙන තිබෙනවා. රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට 68ක්ම බෝ නොවන රෝගවලින් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. පෝෂණය පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම ද මීට හේතු වී තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 6ත් 10ත් අතර දරුවන් සිටින පාසල් ඉලක්ක කරගනිමින් පෝෂණය පිළිබඳ පොත් පිංචක් මුද්‍රණය කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.