Monday, April 29, 2024

General line - 0115112241

රාජිතගේ විශ්වාසභංගයට ඉඩක් දෙන්නේ නැහැ.. සභානායකගෙන් ප‍්‍රකාශයක්




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව කතානායකවරයා වෙත භාර දී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනිමට අවස්ථාවක් ලබා නොදෙන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ අදාල විශ්වාසභංග යෝජනාවේ නීතිමය ගැටලු රැසක් පවතින බවයි. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා. 

ඔහු කියා සිටියේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඉඩ නොදෙන බවයි. මෙම විශ්වාසභංග යෝජනාවේ බරපතල ගැටළු තිබෙන බවයි. එම ගැටළු අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ. මෙම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව කතානායකවරයට නීති ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියා.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ මේවා අපි වෙනුවෙන් අපි වෙනුවට හොරු වෙනුවෙන් හොරු කියලා තේමාවක් ගොඩනගා ගෙන එනවාද කියල මේවා දැක්කම සාධාරණ සැකයක් ඇතිවන බවයි. මේ විශ්වාසභංගයේදී  රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට බරපතළ චෝදනා 11ක් එල්ල කර ඇති බවත් ඔහු කියා සිටියා. එම චෝදනා වලට සාක්ෂිද තිබෙන බව ඔහු කියා සිටියේ. එතුමාව රැකගැනීමට ඇත ඔසවන අයට මේ චෝදනා බොරුකියා ඔප්පු කරන ලෙසයි ඔහු කියා සිටියේ.