Thursday, September 19, 2024

General line - 0115112241

පෙම්වතියගේ අකල් මරණයෙන් ෆිනිෂ් වෙන්න ගිය ‘බෙස්ට් ෆිනිෂර්’



ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍රසිං දෝනිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන M.S. Dhoni : The Untold Story චිත්‍රපටය එළැඹෙන සැප්තම්බර් 30 වනදා සිට ලෝ පුරා සිනමාහල් වල ප්‍රදර්ශණය ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම කතාව නිර්මාණය කරන අතරතුරදී ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍රසිං දෝනිගේ තරුණ කාලයේ පැවති ශෝකජනක ආදර කතාවක් පිළිබඳ හෙළිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත ඉන්දියාව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දෝනි අවුරුදු 20 පමණ වන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් සොයමින් මාන බලමින් සිටින කාලයේ දෝනිට ප්‍රියන්කා ඕජා නම් තරුණියක් මුණගැසී තිබෙනවා.

කලක් මිතුරන් සේ ඇසුරු කළ ඔවුන් පසුව පෙම්වතුන් බවට පත්ව තිබෙනවා.

දෝනි තම පෙම්වතියට ඉතා දැඩිව ආදරය කළ බවයි පැවසෙන්නේ.

2003 – 2004 කාලයේ ඉන්දියානු ඒ කන්ඩායමට තේරී පත්වීමෙන් පසුව දෝනි සිම්බාවේ බලා ගියේ තුන්කොන් තරඟවලියකට මුහුණ දීම සඳහායි.

එහිදී හොදින් දස්කම් දක්වා නැවත ඉන්දියාවට පැමිණි දෝනිට අසන්න ලැබුන පුවතින් දෝනි හඩා වැටී තිබෙනවා.

ඔහු එසේ පැමිණෙද්දි බරපතල මෝටර් රථ අනතුරුක් නිසා දෝණිගේ පෙම්වතිය වූ ප්‍රියන්කාට සිය ජීවිතය අහිමි වී තිබුණා.

මෙයින් ඉතා දැඩිව කනගාටුවකට පත්වූ දෝණි ක්‍රිකට් තුළින් ඈත් වුණා.

නමුත් ඔහුගේ මාපියන්ගේ, හිතමිත්‍රයන්ගේ උපදෙස් අවවාද පිරිදි ඉන් වසරකට පසු දෝනි නැවතත් ක්‍රිකට් ගමන ආරම්භ කළා.

ඉන්පසු දෝනි දිනෙන් දින සිය ක්‍රිකට් දිවියේ හිණිපෙත්තටම පැමිණිමට සමත් වුණා.

ඔහුගේ ධෛර්යය වැඩිවීමට ඔහුගේ පෙම්වතියගේ අකල් මරණය හේතු වූ බවයි දෝනි පවසා ඇත්තේ.

කෙසේ වෙතත් දෝනිගේ වර්තමාන බිරිඳ වන්නේ සාක්ෂි දෝනි වන අතර ඔහු ඇය හා විවාහ වූයේ 2010 වසරේය.