පාසල් දරුවන් සඳහා නොමිලේ ලබා දෙන නිල ඇඳුම් වව්චර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබා දීම හෝ වෙනත් මැදිහත්වීම් කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, එවැනි කටයුතු සම්බන්ධයෙන් පළ වී තිබු මාධ්‍ය වාර්තා කිහිපයක් හේතුවෙන්.
කලාප කිහිපයක නිල ඇඳුම් වව්චර වෙනුවට රෙදි නිකුත් කරන බවට සහ නිල ඇඳුම් වව්චරයේ වෙළඳ ආයතන සඳහා වෙන් කර ඇති තීරුව තුළ පාසල් සංවර්ධන සමිතියක නිල මුද්‍රාවක් යොදා ඇති බවට එම මාධ්‍ය වාර්තා මගින් තොරතුරු අනාවරණ කර තිබුණා.