Saturday, October 19, 2024

General line - 0115112241

දයා මාස්ටර්ට යාපනයේදී ප්‍රහාරයක් - අත් දෙකෙන් මන්නා පිහි දෙකකුත් අරං එයි (VIDEO)

මාධව කුලසූරිය -වවුනියාව




එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන දයා මාස්ටර් වෙත යාපනය ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය ඒ ආසන්නයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබෙනවා.

යාපනය පොලිසිය සඳහන් කළේ මෙම ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයාව ඊයේ (08) සවස අත්අඩංගුවට ගත් බවයි.

යාපනය පොලිසිය වැඩි දුරටත් පැවසූවේ දයා මාස්ටර් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සේවය කරමින් සිටින අවස්ථාවේදී 53 හැවිරිදි පුද්ගලයෙකු පැමිණ මෙලෙස දයා මාස්ටර් වෙත පහරදීමට ක්‍රියා කර ඇති බවයි.

සැකකරු දයා මාස්ටර් වෙත පහරදී පළාගොස් ඇති අතර, පසුව පොලිසිය මැදිහත්වි  සැකකරු අල්ලාගත් බවද පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ තොරතුරු අනාවරණය කරගනිමින් ඇති අතර අද (09) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය යුද සමයේ දයා මාස්ටර් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)