Saturday, September 21, 2024

General line - 0115112241

පක්ෂයට අභියෝග කළ එජාප මන්ත්‍රිවරු ජනපති හමුවෙයි - ජනපති කී දේ මෙන්න

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




තමන් ඇතුලූ පිරිසකට කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධූර ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ බව මාතලේ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා.

ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා තමන් සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි මන්ති‍්‍රවරයා කියා සිටියේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "අපි සාකච්ඡා කළා ජනාධිපතිතුමා එක්ක..මම විතරක් නෙමෙයි මන්ත්‍රිවරු තව 03 දෙනෙක් හිටියා. ආනන්ද කුමාරසිරි, එඩ්වඩ් ගුණසේකර සහ ලකී ජයවර්ධන. ඊට අමතරව හිටියා සුරේෂ් වඩිවෙල් එයා හදිසියේ රට ගියා. විශ්වාසභංගයට කලින්, අපිට ඇමතිකම් දෙනවයි කියලා පොරොන්දු වෙලා තිබුණා අගමැතිතුමා.. පස්සේ ඒක දෙන්න එපා කියලා කිව්වේ ජනපතිතුමා කියලා අගමැතිතුමා අපිව දැනුවත් කළා.  අපිට අවශ්‍යවෙලා තිබුණා දැන ගන්න..අපි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු හැටියට ඇමතිකම් නොලැබුණේ ඇයි කියලා..අගමැතිතුමා කිව්වේ ඇත්තක්ද? බොරුවක්ද? කියලා ජනාධිපතිතුමාගෙන් අහන්න අපි තීරණය කළා. ඒකයි හමු වුණේ. පස්සේ ජනාධිපතිතුමා කිව්වේ අපිට මේ ඇමතිකම් දෙන්න අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා දැනුවත් වෙලා නෑ කියලයි." යනුවෙනි.

පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වය සඳහා කැමැත්තක් දක්වනවා සේම සෙසු මන්තී‍්‍රවරුන්ද කුමන හෝ ධූරයක් ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී වැඩි දුරටත් සඳහන් කළේ "ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු හැටියට අපිට කණගාටුයි..මොකද අවුරුදු 03ක් 04ක් හිටිය මන්ත්‍රිවරුන්ටත් ඇමතිකම් හමුවුණා. තවත් සමහරු අලුතෙන් ඇවිත් පත්වුණත් එක්කම ඇමතිවරු වුණා. අපි වසර ගණනාවක් පක්ෂයේ රැඳී ඉඳලා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු අය." යනුවෙන්ද සඳහන් කළා.

තමන්ට සිදුවූ අසාධාරණය හේතුවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මැයි දින සැමරුමටද රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා සහභාගී වූයේ නැහැ.

(සබැඳි පුවත් මෙතැනින්)