මත්කුඩු සමග අත්අඩංගුවට ගත් අරුණ අත්තනායක නොහොත් ‘‘ පොලිස්’’ නමැත්තාගේ පාතාල සබඳතා පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.
හේවාවසම් අත්තනායකගේ අරුණ ශාන්ත අත්තනායක වන ඔහු ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට එක්වී ඇත්තේ 2009 වසරේයි. 89067 දරණ අංකය යටතේ ඔහු පොලිස් ක‍්‍රීඩා කොට්ඨාසයේ සේවයට එක්වී තිබෙනවා. පසුව පෑලියගොඩ සහ ගම්පහ යන මූලස්ථාන පොලිස් කොට්ඨාසවලද සේවය කර ඇතැයි සඳහන්.
2011 වසරේදී පොලිස් ක‍්‍රීඩා කොට්ඨාසයේ සිදු වූ මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අරුණ අත්තනායක නැමැත්තා වැඩ තහනමකට ලක්වනවා. පසුව ඔහු 2016 පෙබරවාරී මාසයේදී යළි පොලිස් සේවයට එක් වනවා. ඉන් පසුව ද පෑලියගොඩ පොලිසියේදී අසත්‍ය සටහන් යෙදීමේ චෝදනා මත යළි වැඩ තහනමට ලක්වන බවයි වාර්තා වන්නේ.
අරුණ අත්තනායක නමැත්තා පෑලියගොඩ පොලිසියේ සේවය කරන කාලයේදී පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන බැරල් සංඛගේ සමීපතමයෙකු වන ක‍්‍රිස්ටෝගේ ඥාතී සහෝදරියක් සමග පේ‍්‍රම සබඳතාවක් ගොඩනගා ගෙන තිබෙනවා. පසුව ඔහු විවාහ කර ගන්නේ ද මෙම තැනැත්තිය බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක තවත් පාතාල සාමාජිකයෙකු වන ඞී මංජු නමැත්තාට පට්ටිය හන්දිය ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමට බැරල් සංඛ සමග ගොස් ඇත්තේ ද අරුණ අත්තනායක නොහොත් ‘‘පොලිස් ’’ නමැත්තා බවට ද වාර්තා පළ වනවා. එහෙත් එම වෙඩි තැබීමට ගියේ අරුණ අත්තනායක නොව තමා බවට ක‍්‍රිස්ටෝ නමැත්තා පසුව අපරාධය භාරගෙන ඇතැයි සඳහන්.
කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදී බැරල් සංඛ හා ක‍්‍රිස්ටෝ සමග එක්ව යතුරුපැදි හිස්වැසුමකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ද අරුණ අත්තනායක නොහොත් පොලිස් නමැත්තා සම්බන්ධ වී ඇතැයි වාර්තා වනවා.
පෑලියගොඩ ප‍්‍රදේශයේ අයිස් සහ හෙරොයින් ජාවාරම සිදු කර ඇත්තේ මෙම බැරල් සංඛ නමැත්තා බවටයි සඳහන් වන්නේ. ඞී මංජු නමැත්තා ද මිය යාමෙන් පසු එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ අරුණ අත්තනායක නොහොත් පොලිස් නමැත්තා බවට ද වාර්තා පළ වනවා.
ඔහුට පොලිස් සේවය අහිමි වී ඇත්තේ ආධුනික කාලයේදී දෙවරක් වැඩ තහනමට ලක්වීම හේතුවෙන්. පෙරේදා (31) රාත‍්‍රියේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ද මෙම තැනැත්තා සතුව තිබී පොලිසිය භාවිත කරන පොලිස් සාක්කු සටහන් පොතක් සොයාගෙන තිබෙනවා. කිසියම් අයෙකු පොලිස් සේවයෙන් ඉවත් වනවිට මෙම පොත අනිවාරයෙන්ම භාරදිය යුතු වනවා. එසේ නොකිරීම පොලිස් ආඥා පනතේ 84 වන වගන්තිය උල්ලංඝණය කිරීමක් බවයි වාර්තා වන්නේ.
(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් පහතින්)
අත්අඩංගුවට පත් "පොලිස්" සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දෙයි
නෙත් එෆ්.එම්. නාලිකාවට ඇමති ෆොන්සේකාගෙන් එල්ලවූ තර්ජනයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි
මාධ්‍යයට එල්ල කරන තර්ජන හරහා අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතියට බලපෑම්
නෙත් ප්‍රවෘත්ති කලමණාකරු ගැන සාවද්‍ය තොරුතුරු ඇමති ෆොන්සේකා පාර්ලිමේන්තුවට කියයි (VIDEO)
"මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන නතර කරන්න" (VIDEO)
ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි (UPDATE)
ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන ගන්න පියවර අගමැතිගෙන් අහයි (VIDEO)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් දෙන ඇමති ගැන නෙත් නිවුස් කළ අනාවරණයට ෆොන්සේකාගෙන් ප‍්‍රතිචාර
නෙත් නිවුස් වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට
පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහය දෙන ඇමති (PHOTOS)