Wednesday, April 24, 2024

General line - 0115112241

පුවත සැළවීමෙන් සුරා සැල් අසළ දැඩි තදබදයක් - පිරිස පාලනය කරන්න පොලිසියටත් අපහසු වෙයි

කාංචන කුමාර ආරියදාස




දිවයින පුරා සුරාසැල් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමේ පුවත අද  (21) පෙරවරුවේ  ප්‍රචාරය වීමත් සමඟ දඹුල්ල ප්‍රදේශයේ සුරාසැල් අසල දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

සුරාසැල් හිමිකරුවන්ට, පොලිසියට පවා වසා දැමීමට නොහැකි තරමටම ගනුදෙනුකරුවන් විශාල පිරිසක් එකවර සුරාසැල් අසළ එක්රොක්වී මත්පැන් මිලදී ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබුණා.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් කැඳවා ගනුදෙනුකරුවන් ඉවත් කොට සුරාසැල් වසා දැමීමට පියවර ගෙන තිබුණා.

සුරාසැල් අසළ සුළු වේලාවක් යන තෙක් පිරිස පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.