Friday, April 26, 2024

General line - 0115112241

මෙරට සිටින යුක්රේන සංචාරකයන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය තාරක පෙනී සිටී




මෙරට සිටින යුක්‍රේන සංචාරකයන් වෙනුවෙන් රජය පෙනීසිටින බව කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. සිය රටට යාමට නොහැකිව ඔවුන් මේ වනවිට දුෂ්කරතා රැසකට පත්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. 

මේ වනවිට යුක්‍රේනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තුර්කි තානාපතිවරයා නිරන්තරයෙන් සොයා බලන බව ද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසුවා.    

යුක්‍රේන - රුසියා යුධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සිඳුවන බලපෑම සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.