Friday, March 29, 2024

General line - 0115112241

SDB බැංකුව 25 වන සංවත්සරය අභිමානයෙන් සමරයි




සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ඇතුළු සමස්ත ශ්‍රී ලංකේය ජන ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කරන SDB බැංකුව සිය සේවය වසර 25ක් පුරා අඛණ්ඩව ලබා දෙමින් ඓතිහාසික සංධිස්ථානයකට පැමිණ ඇත.

SDB බැංකුව සිය 25 වැනි සංවත්සරය පාදක කර ගනිමින් පවත්වන නිල මාධ්‍ය හමුව 2022 අගෝස්තු මස 17 වැනි දින කොළඹ, කිංස්බරී හෝටලයේ දී පැවැත්විණි. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදු කළ SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මිය සහ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා වසර 25ක් පුරා බැංකුව පැමිණි ඓතිහාසික ගමන් මග පිළිබඳවත් බැංකුවේ අනාගත දැක්ම සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් ප්‍රකාශ කළහ.

වර්තමානය සහ අනාගත බලාපොරොත්තු 

සිය 25 වැනි සංවත්සරය සමරන මේ අවස්ථාව වන විට SDB බැංකුව ක්‍රම ක්‍රමයෙන්  විශිෂ්ටත්වයක් කරා පැමිණ තිබෙන බව පැහැදිලි වේ. බැංකුව සිය සමාරම්භක ප්‍රතිපත්තිවලට අනුකූලව මේ වන තුරුත් අඛණ්ඩව කටයුතු කර ඇති අතර බැංකුවේ ආචාරධර්ම සහ අරමුණු කාලයත් සමඟ වඩාත් පුළුල් වී ඇත. 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම, කාන්තා ව්‍යවසායකයින් බල ගැන්වීම, ඩිජිටල් අන්තර්ගතයන් සහිත බැංකුකරණයට ප්‍රවේශවීම යන ක්‍රමෝපායික කේෂ්ත්‍ර කෙරෙහි මූලික අවධානය යොමු කර ඇති SDB බැංකුව අනාගත දැක්මකින් යුතු වටිනාකම්වලින් සහ තාක්ෂණයෙන් පෝෂණය වෙමින් මෙරට බැංකුකරණ කේෂ්ත්‍රය තුළ වඩාත් ශක්තිමත්ව ඉස්මතු වී ඇත. එසේම තවමත් SDB බැංකුව සිය සමාරම්භක ප්‍රතිපත්ති මත පදනම් වෙමින් මෙහෙයවනු ලබන නිසා තමන්ගේ සියලුම පාර්ශ්වකරුවන් එක හා සමානව සවිබල ගැන්වීම කෙරෙහි ද නිරන්තර අවධානය යොමු කරයි. 

ජාතික ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන ප්‍රමුඛයෙකු ලෙස කුඩා පරිමාණ ව්‍යවසායකත්ව වර්ධනයේ ඉහළ කීර්තියක් ලබා ඇති SDB බැංකුව ඩිජිටල් බැංකුකරණය ව්‍යාප්ත කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. මේ සියල්ල නිසා බැංකුව මෑතකාලීන සම්මාන රැසක් දිනා ගැනීමට ද සමත් වී ඇති අතර Brand Finance  විසින් සිදු කළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2020 වර්ෂයේ මෙරට වටිනාම සන්නාම 100 අතරින් ඉහළම සන්නාම 50 අතරට ඇතුළත් වීමට ද SDB බැංකුවට හැකියාව ලැබිණ. 

BB+ (Stable) Fitch  ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින SDB බැංකුව මේ වන විට දිවයින පුරා විහිදුණු ශාඛා 94කින් සමන්විත පුළුල් බැංකු ජාලයකි. ග්‍රාමීය කණ්ඩායම්, කුඩා හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයින්, නාගරික කණ්ඩායම් ඔස්සේ ගොඩනැගුණු බහුවිධතාවයෙන් යුතු පාරිභෝගික පදනම, බැංකු යටිතල පහසුකම් ඩිජිටල්කරණය, විවිධත්වයෙන් යුතු සේවක වටිනාකම් ආදී සුවිශේෂී ව්යාැපාරික හා බැංකුකරණ ආකෘති SDB බැංකුව මෙරට ප්රගමුඛතම බැංකුවක් ලෙස ඉස්මතු වීමට හේතු විය. 

NederlandseFinancieringsMaatschappijVoorOntwikkelingslanden N.V (FMO), සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන බෙල්ජියම් ආයෝජන ආයතනය (BIO),  ජාත්‍යන්තර මුල්‍යය සංස්ථාව (IFC) ඇතුළු ඉහළ මට්ටමේ දේශීය සහ ජාත්‍යන්තර මුල්‍ය සමාගම් සහ ආයෝජකයන් සමඟ ශක්තිමත් සහ අඛණ්ඩ ආයෝජන හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමටත් ඒ ඔස්සේ ගෝලීය ආයෝජක ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමටත් මෙම ශ්‍රේණිගත කිරීම් සහ ඇගයීම් හේතු වී ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වැඩි ප්රීමාණයකට දායක වන තීරණාත්මක අංශයක් වන සුළු හා මධ්‍යය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ උන්නතිය උදෙසා සේවා සපයන්නන් අතරින් ශක්තිමත්ම ස්ථාවරයක සිටින SDB බැංකුවට මෙවන් මූල්යී සංවිධානවලින් සක්රීසය සහයෝගයක් හිමි වේ. 

25 වසරක ගමන් මග 

1997දී SDB බැංකුව ආරම්භ කරන ලද්දේ සමූපකාර ව්‍යාපාරයේ ප්‍රතිපත්ති මත පදනම් වෙමිනි. එහිදී බිම් මට්ටමේ ජනතාව සවිබල ගන්වමින්, ණය සහ ඉතුරුම් ඔස්සේ ග්‍රාමීය සමාජය තුළ සිදු කරන පරිවර්තන සහ මූල්යේ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. පසුකාලීනව බැංකුවේ මෙහෙයුම් ක්ෂේකත්රතය සමස්ත ශ්‍රී ලාංකිකයන් බලගැන්වීම දක්වා පුළුල් වී ඇත. 

2007දී සිය 10 වැනි සංවත්සරය සැමරූ SDB බැංකුව දිවයින පුරා විසිරුණු ශාඛා 25ක් දක්වා සිය ශාඛා ජාලය පුළුල් කළේය. 2012 වර්ෂයේදී කොළඹ කොටස් වෙළෙඳපොලේ පොදු වෙළෙඳ සමාගමක් ලෙස ලැයිස්තුගත වූ SDB බැංකුව 2014 වන විට ඉහළ වටිනාකමකින් යුතු සිය පළමු කොටස් හිමිකම් නිකුතුව සාර්ථකව සිදු කරන ලදි. 

නව පරම්පරාවේ ඩිජිටල් බැංකුකරණ යෙදවුමක් (App)  වන UPayසහ බැංකුවට පූර්ණ හිමිකාරිත්වය සහිත SDB Mobile ජංගම යෙදවුම හඳුන්වා දීම මගින් ඩිජිටල් බැංකුකරණ විප්ලවයට සම්බන්ධ වන SDB බැංකුව එමගින් ඩිජිටල්කරණය සමඟ ඒ වන විටත් අත්වැල් බැඳගෙන සිටි ගනුදෙනුකරුවන් සහ පොදු සමාජයට වඩාත් සමීපව ආමන්ත්රකණය කිරීමට සමත් විය. 

ඩිජිටල් බැංකුකරණයට සාර්ථකව ආගමනය වෙමින් 2020 වර්ෂයේදී ඩිජිටල් කොටස් හිමිකම් නිකුතුවක් SDB බැංකුව විසින් සිදු කළ අතර එය මෙරට ඉතිහාසයේ ඩිජිටල් කොටස් හිමිකම් නිකුතුවක් සිදු කළ ප්රකථම අවස්ථාව බව ද සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගත් බැංකුකරණ කටයුතු වඩාත් පුළුල්ව පරිවර්තනය කිරීම සඳහා පසුගිය වර්ෂයේදී අන්තර්ජාතික සංවර්ධන මුල්‍ය සංස්ථාව (DFC)  විසින් අමෙරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් SDB බැංකුවට ලබා දෙන ලදි.

25 වන සාංවත්සරික සැමරුම

SDB බැංකුව සිය 25 වන සංවත්සරය වෙනුවෙන් සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර ඇති අතර ඒ අතරින් සුවිශේෂී වන්නේ පාරිසරික සහ සමාජයීය තිරසාරත්වය පිළිබඳව බැංකුව සතු වන උනන්දුව සහ කැපවීම පිළිඹිබු කරමින් උඩුදුම්බර ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන සංරක්ෂණ ව්‍යාපෘතියයි. එහි පළමු අදියර වශයෙන් එළඹෙන අගෝස්තු 24 වැනි දින පුළුල් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙයි. එසේම SDB බැංකුවේ පූර්ණ සහයෝගය සහිතව හෙක්ටයාර 25ක භූමි ප්රවමාණයක නැවත වගාකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එය දීර්ඝකාලීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

අනාගත ප්‍රවේශය 
 
අද වන විටත් SDB බැංකුව සුපුරුදු පරිදි සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් කෙරෙහි දැඩි අවධානය යොමු කරන අතරම ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමේ ශක්යුතාවෙන් යුතු ඉහළ මුල්‍ය ශක්තියක් සහිත බැංකුවක් ලෙසින් ද ස්ථානගත වී ඇත. බැංකුව සතු මුල්‍ය විශේෂඥතාවය, පළපුරුද්ද සහ සෙසු සම්පත් දායකත්වය නිසා එම ශක්තිය ගොඩනංවා ගත හැකි විය. සවි බලගන්වන ලද, සමානාත්මතා සමාජයක් පිළිබඳ වන සිය දැක්ම ව්‍යාප්ත කිරීම සඳහා SDB බැංකුව ගෝලීය වශයෙන් කීර්තියට පත් මුල්‍යකරුවන් සහ සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරයි. 

එසේම පවතින වත්මන් තත්ත්වය තුළ සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ අපනයනය ඉලක්ක කර ගත් ව්යායපාරවලට සහය වීම සඳහා නව ව්යාආපාරික වටිනාකම් නිර්මාණය කළ හැකි කේෂ්ත්‍ර කෙරෙහි ද SDB බැංකුව සිය අවධානය යොමු කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කේෂ්ත්‍රය සංවර්ධනය කිරීමේ සිය අරමුණ සහ දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා SDB බැංකුව සමාන අදහස් ඇති හවුල්කරුවන් සමඟ දිගින් දිගටම කටයුතු කරනු ඇත.

පාරිභෝගිකයින් හට සම්පූර්ණ සේවා පරාසයම සපයන, අනාගතයට සූදානම් බැංකුවක් වශයෙන් SDB බැංකුව, නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවයන් පරිපූර්ණ ලෙස සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරයි. අගය දාමයන් වර්ධනය හා මුල්‍ය කළමනාකරණය වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන මඟපෙන්වීම් සහ උපදේශනයන්, මුල්‍ය සහයෝගය සමඟ මුසු කරන ලද ප්‍රවේශයක් හරහා පාරිභෝගිකයින්ගේ ජීවිත සහ ව්‍යාපාරවලට සවියක් වීමට SDB බැංකුව කටයුතු කරනු ලබයි. 

එමෙන්ම SDB බැංකුව පාරිසරික, සමාජයීය හා පාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු ව්‍යාපාර ප්‍රවේශයක් අනුගමනය කරන අතර බැංකුව විසින් මුල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහය සැපයීමේදී තිරසාර ප්‍රවේශයක් ඇති ව්‍යාපාර හා වැඩසටහන් වෙත වැඩි අවධානයක් යොමු කීරීම ද බැංකුවෙහිම තිරසාර ව්‍යාපාර ප්‍රවේශය පිළිබිඹු කරන්නකි. 

මෙලෙස පැහැදිලි දැක්මක් ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය හා මහජනතාව අතරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ ගෙනයාම කෙරෙහි අවධානය යොමු කර ඇති SDB බැංකුව, සියලුම ගනුදෙනුකරුවන්ට සමාන අවස්ථා ලබා දෙමින් සිය පාරිභෝගිකයන් අගය කරන බැංකුවක් වශයෙන් කීර්තියට පත් වී ඇත.