Wednesday, February 5, 2025

General line - 0115112241

පෞද්ගලික රෝහලක හෙදියක් හෙරොයින් සමග කොටුවෙයි



හෙරොයින් ළඟ තබාගෙන සිටි බව කියන තරුණියක් ගාල්ල, වැලිවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ තරුණිය සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 20 යි මිලිග‍්‍රෑම් 10 ක් සොයා ගැණුනු බවයි.

අදාළ තරුණිය කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිණියක් ලෙස කටයුතු කරන බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණිය පොලිසියට ප්‍රකාශකර ඇත්තේ පියාගේ බල කිරීම මත විටින් විට මත් කුඩු බන්ධනාගාරයට ගෙන ගොස් ලබාදුන් බවයි.

ඇයගේ මව සහ පියාද හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.