Friday, October 18, 2024

General line - 0115112241

මහේල එංගලන්තයේදී වැඩ පෙන්වයි




සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ප‍්‍රාන්ත එක්දින කි‍්‍රකට් තරගාවලියට එක්ව සිටින මහේල ජයවර්ධන ඊයේ (17) ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එ් වොස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේදීයි. මෙම තරගයෙන් කඩුලූ 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමටද සමර්සෙට් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් වොස්ටර්ෂයර් ප‍්‍රන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළා. සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 36 යි පන්දු 5ක් අවසානයේ කඩුල්ලක් දැවී පසු කර යමින් තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළා. සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායමට ජය මාවත විවර කර දුන් මහේල ජයවර්ධන නොදැවී ලකුණු 117ක් රැස් කරමින් සිය කණ්ඩායමට අවසන් පූර්වට වටයට රැගෙන ගියා.

02 Image