Friday, October 18, 2024

General line - 0115112241

රතු මුහුදේදී වෙළඳ නෞකාවකට ප්‍රහාරයක්




පලාවු දූපත් රාජ්‍යයේ ධජය රැගත් වෙළඳ නෞකාවකට රතු මුහුදේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඒඩ්න් බොක්ක ආසන්නයේදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් නෞකාවේ ගින්නක්ද හට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම ස්ථානයට ළඟා වූ ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් ප්‍රහාරයට ලක් වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය මුදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පිරිසටද ඉන්දීය නාවික හමුදාව විසින් ප්‍රතිකාර ලබා දී තිබුණා.

පලාවු දූපත් රාජ්‍යයේ ධජය රැගත් අදාළ නෞකාවට එල්ල වී ඇත්තේ ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාරයක් බවයි ඉන්දීය නාවික'හමුදාව'පැවසුවේ