Friday, January 17, 2025

General line - 0115112241

ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ඉන්දියාවේ දැවැන්ත ආයෝජනයකට සැරසෙයි




ප්‍රකෝටිපති ව්‍යාපාරික, ටෙස්ලා මෝටර්රථ සමාගමේ ප්‍රධානී එලෝන් මස්ක් ඉන්දියාවට පැමිණෙන බවට නිවේදනය කර තිබෙනවා.

ඒ, අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමටයි.

ළඟදීම ඉන්දියාව තුළ ප්‍රධාන ආයෝජන සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි එලෝන් මස්ක් පවසා ඇත්තේ.

ඉන්දීය රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ මෙම හමුව අප්‍රේල් මස අවසන් සතියේ පැවැත්වීමට නියමිත බවයි.

නවදිල්ලියේ පිහිටි මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී එය පැවැත්වෙනු ඇති.

ටෙස්ලා මෝටර් රථ ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා මෙහිදී අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය මාසයේදී ඉන්දියාව විසින් විද්‍යුත් වාහන සඳහා ආනයන බදු ද කපා හැරියා.