Friday, May 3, 2024

General line - 0115112241

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් CIDය පැය 04ක ප්‍රකාශයක් ගනී




ඥානාර්ත ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 04ක ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

ඒ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාලවයි.  

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට සිරිල් ගාමිණී පියතුමන් වෙත මීට පෙර  දැනුම් දී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පෙර සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව සිරිල් ගාමිණි පියතුමන් මාධ්‍ය හමුවේ කියා සිටියේ අද දින ලබා දුන් කරුණු පිළිබඳව පමණක් ගැඹුරින් අධ්‍යනය කල හොත් පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔවුන්ට සොයා ගත හැකි බවයි. 

මේ අතර, පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට පිළිගැන්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.