Sunday, September 8, 2024

General line - 0115112241

පකිස්තානයට ත්‍රස්ත ප්‍රහාරයක් 

චිරාන් ධර්මසේන




පකිස්තානයේ බන්නු සහ ඩෙරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශ ඉලක්ක කර ඉකුත් අගහරුවාදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ත්‍රස්ත ප්‍රහාරවලින් අවම වශයෙන් සොල්දාදුවන් 10 දෙනෙකු සහ සිවිල් වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආරක්ෂක බලධාරීන් පැවසෙවේ.

ජුලි 15 වන දින බන්නු හි ආරක්ෂක මුරපොලක් වෙත ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිර්භීතව සටන් කර සාර්ථකව තුරන් කරමින් පකිස්ථාන හමුදාවේ සොල්දාදුවන් අට දෙනෙකු දිවි පිද බව පකිස්තාන ආරක්ෂක අංශ පවසනවා.

පකිස්තාන මාධ්‍ය වාර්තා අනුව ජූලි 15 වන දින අලුයම, ත්‍රස්තවාදීන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම මුරපල වෙත ප්‍රහාර එල්ල කර තිබුනා.

ත්‍රස්තවාදීන් මුරපල වෙත ඇතුළු වීමට ගත් උත්සාහය ආරක්ෂක හමුදා නිලධාරීන් විසින්  සාර්ථක ලෙස ව්‍යර්ථ කර තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් මුරපලේ ගැටීමට උත්සහ කර ඇති බවයි පැවසෙන්නේ