Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාව සහ මොංගෝලියාව හමුදා අභ්‍යාසයක

චිරාන් ධර්මසේන




ඉන්දියාව සහ මොංගෝලියාව අතර ආරම්භ වූ ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සාර්ථකව අවසන් වී තිබෙනවා.

එයනම් කර තිබුණේ "Nomadic Elephant" ලෙසයි.

දෙපාර්ශවය අනාගත ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් පිළිබඳව අර්ථවත් සංවාදයකින් අනතුරුව අභ්‍යාසය නිමවූ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබෙනවා.

මෙම අභ්‍යාසය ජූලි 3 වැනිදා ආරම්භ කර තිබුණි.

ඒ සඳහා සහභාගි වූ ඉන්දීය හමුදා කණ්ඩායම සාමාජිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත විය.

"Nomadic Elephant" යනු ඉන්දියාවේ සහ මොංගෝලියාවේ විකල්ප වශයෙන් පවත්වනු ලබන වාර්ෂික හමුදා පුහුණු වැඩසටහනකි.

එහි අවසාන සංස්කරණය 2023 ජූලි මාසයේදී මොංගෝලියාවේ පවත්වා තිබෙනවා.

 එම යුද අභ්‍යාසයේ පරමාර්ථය වන්නේ එක්සත් ජාතීන්ගේ ජනවරමේ VII පරිච්ඡේදය යටතේ උප-සාම්ප්‍රදායික වාතාවරණයක් තුළ ප්‍රති-කැරලි මෙහෙයුම් සිදු කිරීමට දෙපාර්ශවයේම ඒකාබද්ධ හමුදා හැකියාව වැඩි දියුණු කිරීමයි.

මෙම අභ්‍යාසය අර්ධ නාගරික සහ කඳුකර භූමි ප්‍රදේශවල මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා