Wednesday, February 5, 2025

General line - 0115112241

බල පෙරළිය මැද අමෙරිකාවෙන් චීනයට රතු එළියක්




බලයෙන් නික්ම යන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ රජයේ ජාතික ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන ජේක් සුලිවාන් චීනයට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසන්නේ අමෙරිකාව තුළ භෞතිකමය විනාශයක් ඇති කරන සයිබර් ප්‍රහාරයක් දියත් කළහොත් චීනයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීනට සිදුවන බවයි.

චීනයෙන් එල්ල විය හැකි එවැනි පියවරක් වැලැක්වීම බලයට පත්වන ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රමුඛතාවයක් විය යුතු බව සුලිවාන් පැවසුවා.

එක්සත් ජනපද නිලධාරීන්ගේ අතීත උත්සුකයන් අවධාරනය කරමින් අනාගතයේ යම් අවස්ථාවක දී චීනය එවැනි ප්‍රහාරයක් සඳහා පූර්ව සැලසුම් සිදු කරන බවට අමෙරිකාව සතුව සාක්ෂි ඇති බව ද සුලිවන් පවසා තිබෙනවා.

"අපි චීනයේ නායකයින්ට පැහැදිලි පණිවිඩයක් යවා ඇත්තේ ඔවුන් එය කළහොත් - ඔවුන් සැබවින්ම එක්සත් ජනපදයේ භෞතික වශයෙන් විනාශකාරී සයිබර් ප්‍රහාරයක් එල්ල කළහොත් - දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති" යනුවෙන් සුලිවාන් මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා. 

“චීනය එය කිරීමෙන් වළක්වා ගැනීමට අපට දිගටම සිදුවනු ඇත, මන්ද අනාගතයේදී එය කිරීමට හැකි වන පරිදි ඔවුන් පිහිටුවීම හෝ ස්ථානගත කිරීම අපි දැක ඇති බැවිනි. එය නව කණ්ඩායමට අභ්‍යන්තරව දිගටම වැඩ කිරීමට සිදුවනු ඇත. ” යනුවෙන් ද සුලිවාන් පෙන්වා දී තිබෙනවා.

සුලිවාන්ගේ අනතුරු ඇඟවීම පැමිණියේ අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ පරිගණකවලට මෑත සතිවල එල්ල වූ සයිබර් ප්‍රහාර ඇතුළුව, එක්සත් ජනපද නියෝජිතායතන සහ සමාගම්වලට එරෙහිව චීන හැකර්වරුන් විසින් කරන ලද ඉහළ පෙළේ ප්‍රහාර මාලාවකින් පසුවයි.

කෙසේවෙතත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.