කිසිඳු නඩු විභාගයකින් තොරව වසර තුනක් පුරා රඳවාගෙන සිටින චීන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ෂී යැං, බලධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවන බව තරයේ ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නීතීඥවරයාව චීන බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු රජය විවේචනය කිරීම හේතුවෙන් මනෝචිකිත්සක රෝහලක රඳවා සිටි ගුරුවරයෙකුට සහාය දීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ නීතීඥවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී බව සඳහන්.
නැන්ජිං සංහාරයේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සිසුන් දිරිමත් කළ ෂැංහයි පුවත්පත් කලාවේ මහාචාර්යවරයකු නෙරපා හැරීම ගැන ලී ටියැන්ටියන් ගුරුවරයා කතා කර තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට සමච්චල් කරමින් වීඩියෝ පටයක් ද නීතිඥ ෂී යැං විසින් පළ කර තිබූ අතර එය ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බවයි පැවසෙන්නේ.
අදාළ නීතීඥවරයා දැනට වසර තුනක් Changsha No1 රැඳවුම් මධ්‍යස්ථානයේ ගත කර ඇතැයි සඳහන්.
ඔහුගේ රැඳවුම් කාලය නැවත නැවතත් දීර්ඝ කර ඇති අතර, 10 වන වරටත් ඔහුගේ පූර්ව රඳවා තබා ගැනීම දීර්ඝ කර ඇතැයි පැවසෙනවා.
අමෙරිකාවේ වෙසෙන ඔහුගේ බිරිඳ Chen Guiqiu මෑත සම්මුඛ සාකච්ඡාවකදී මෙම දිගුව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.