ගතවූ සතිය තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ඇතුළු රටවල් හතකින් පකිස්ථානුවන් 258 දෙනෙකු පමණ පිටුවහල් කර ඇති බව වාර්තා වනවා.
එම තත්ත්වය රාජ්‍යය සහ පුරවැසියන් යන දෙඅංශයෙන්ම පීඩාවට පත් කරන පද්ධතිමය අසාර්ථකත්වයන් පිළිබඳ පැහැදිලි චෝදනාවක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ සහ නීති විරෝධී රැකියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ආගමික වන්දනා වලදී සිඟමන් යැදීම දක්වා, මෙම පිටුවහල් කිරීම් පිටුපස ඇති හේතු ඇති බව සඳහන්.
අරාබි රටවල් හජ් සහ උම්රා කාලය තුළ සිඟා කෑමට එරෙහිව ඔවුන්ගේ ප්‍රතිපත්ති දැඩි කර ඇති අතර, පුද්ගලික වාසි සඳහා මෙම පූජනීය චාරිත්‍ර සූරාකන පාකිස්තානුවන් සංඛ්‍යාව වැඩි වීමට එය එම රටවල් සෘජු ප්‍රතිචාරයකි.
පකිස්තානයෙන් පැමිණ සිඟමනේ යෙදෙන පුද්ගලයින් ඉහළ යාම අරාබි රටවල් මැතක සිට මුහුණ දෙන ගැටළුවක් බව මෑතකාලීනව දිගින් දිගටම වාර්තා පළ වුණා.
යුරෝපය ගත් කළ ද, පාකිස්ථානු ජාතිකයන් සිටින්නේ නීතිවිරෝධී මාර්ග හරහා තම ජීවිත පරදුවට තබමින් නීතිවිරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කරන අයගේ ලැයිස්තුවේ පෙරමුණයි.
මේවායෙහි ප්‍රතිපලයක් ලෙස මේවනවිට පකිස්ථානු විදේශ ගමන් බලපත්‍රය රටවල් 106ක් අතරින් 103 වන ස්ථානයට පත්ව ඇත.