Tuesday, September 17, 2024

General line - 0115112241

අන්තර් සමාජ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අද ශතක තුනක්




අන්තර් සමාජ ප‍්‍රිමියර් ලීග් තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලුම් ෆීල්ඞ් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ සචිත‍්‍ර සේනානායක සමත් වුණා.

සචිත‍්‍ර සේනානායක එස්.එස්.සී පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 120 ක් රැස් කළා. මෙම තරගය පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදීයි.

මේ අතර හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් ජයසූරිය සහ සචිත‍්‍ර සේරසිංහ අද ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, ගාල්ල ක‍්‍රිකට් සමාජයට එරෙහිවයි. එහිදී ශෙහාන් ජයසූරිය ලකුණු 168 ක් සහ සචිත‍්‍ර සේරසිංහ ලකුණු 151 ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. එම තරගය කටුනායක වෙළඳ කලාප ක‍්‍රීඩාංගණයේ දී වුණා.