Sunday, May 12, 2024

General line - 0115112241

අපරාධ වැළැක්වීමට රුසියාවෙන් ඉගිලෙන යතුරුපැදියක් (VIDEO)




රුසියාවේ හෝවර්සර්ෆ් නම් සමාගමක් විසින් ඉගිලෙන යතුරුපැදියක් නිපදවා තිබෙනවා.

මෙම යතුරුපැදිය ඩුබායි පොලිසිය වෙත හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

මෙයට පොළොව මට්ටමේ සිට අඩි 16ක් ඉහළ ගුවනේ ගමන් කිරීමට හැකියි. 

මෙය මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් ලෙසද ක‍්‍රියා කිරීමේ හැකියාව පවතිනවා. 

මෙම යතුරුපැදියට පැයට සැතැපුම් 43 ක වේගයෙන් ගුවනේ ගමන් කළ හැකි අතර හසුරුවන්නා සමග විනාඩි 25 ක් පමණ ගුවනේ රැඳී සිටිය හැකියි.