Wednesday, May 1, 2024

General line - 0115112241

විශ්වාසභංගය ජය ගැනීමෙන් පසු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විශේෂ හමුවක් කැඳවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් කැඳවා තිබෙනවා.

ඒ, ඇයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් ජය ගැනීමෙන් පසුවයි. බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව විදෙස් වාර්තා පැවසුවා.

කෙසේවෙතත් ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් මෙම සාකච්ඡුාව සඳහා සහභාගී වීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. 

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සඳහා අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ සැලසුම පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

එසේ වුවත්, එළඹෙන 21වනදා සිය නවතම සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අග‍්‍රාමාත්‍ය මේ පවසන්නේ. ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය සහ ඡුන්ද විමසීම 29වනදා පැවැත්වීමට නියමිතයි.