Wednesday, April 24, 2024

General line - 0115112241

පොළොන්නරු යුගයේ පාලකයින් විශාල වශයෙන් කාසි නිකුත් කිරීමට බලපෑ හේතු මොනවාද ?



පොළොන්නරු යුගයේ පාලකයින් විශාල වශයෙන් කාසි නිකුත් කිරීමට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්කෙරුණා.

එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වාදුන්නේ පොළොන්නරු යුගයේදී කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ පාලකයින් ගණනාවක් සිටීම ඊට එක් හේතුවක් විය හැකි බවයි.

කෙසේවෙතත් පොළොන්නරු යුගයේදී විශාල වශයෙන් කාසි නිකුත් කිරීම පිළිබඳ නිෂ්චිත හේතුවක් හඳුනාගැනීමට නම් එම කාලසීමාව තුළ කලාපීය සහ ගෝලීය සමකාලීන ආර්ථිකය පිළිබඳ සොයාබැලීමක් සිදුකළ යුතු බවයි මහචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.