Friday, October 18, 2024

General line - 0115112241

මීටර් 200 කාන්තා රන් පදක්කමත් ජැමයිකාවට




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කමද තමන් සතු කර ගැනීමට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූරී එලීනා තොම්සන් අද (18) උදෑදසන සමත් වුණා. ඇය මීට පෙර මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කමද දිනා ගනිමින් ලොව වේගවත්ම කාන්තාව ලෙසද අභිෂේක ලැබුවා. එලීනා තොම්සන් මීටර් 200 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තේ තත්පර 21 යි 7 යි දශම 8ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 සහ 200 කාන්තා ධාවන ඉසව්වල රන් පදක්කම එකම කී‍්‍රඩිකාවක් විසින් දිනා ගනු ලැබුවේ වසර 28කට පසුව වීමද විශේෂත්වයක්. මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම නෙදර්ලන්තයේ ඩැෆ්නි චිපර්ස් දිනාගත් අතර ලෝකඩ පදක්කම අමෙරිකාවේ ටොරි බොවී විසින් දිනා ගනු ලැබුවා.

01 02