Sunday, September 8, 2024

General line - 0115112241

පුටින්ගෙන් මෝදිට ආරාධනයක්.




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ රුසියානු සංචාරයට සමගාමීවයි.

එහිදී රුසියාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස සංචාරයකට පැමිණිය හොත් වත්මන් ගැටළු සාකච්ඡා කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම පිලිබඳ සාකච්ඡා කිරීමට ද අවස්ථාවක් හිමි වනු  ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

එබැවින් සිය සුබ පැතුම් සහ ආරාධනය අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා සිටින ලෙස රුසියානු ජනාධිපතිවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවසා තිබෙනවා.