Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාව ගැන අනාවැකියක්

චිරාන් ධර්මසේන




2050 වන විට ඉන්දියාවේ ලෝකයේ විශාලතම ආර්ථිකය වනු ඇති අතර චීනය, එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, පිලිපීනය, බ්‍රසීලය සහ රුසියාව අනුගමනය කරනු ඇති බව නොබෙල් සාම ත්‍යාග කමිටුවේ නියෝජ්‍ය නායක Asle Toje පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඉන්දියා පදනම විසින් සංවිධාන කරන ලද නැගී එන ලෝක අනුපිළිවෙල වැඩසටහනේදීයි.

Asle Toje කීර්තිමත් දේශපාලන විද්‍යාඥයෙකු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෙකු ලෙස ප්‍රකටයි.

"ඉන්දියාව මොන වගේ මහා බලවතෙක් වේවිද? මෙය සලකා බැලිය යුතු දෙයක් බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.

විශේෂයෙන්ම ගෝලීය දේශගුණික විපර්යාස සමඟ ලෝකය මුහුණ දෙන තීරණාත්මක මොහොත අවධාරණය කළ ඔහු, ඉන්දියාව තම පරමාදර්ශ අන් අය මත පටවනවාට වඩා දුක් වේදනා සමනය කරන සහ සාමය පෝෂණය කරන නිහතමානී බලවේගයක් බව ඔප්පු කරන්නේ නම් එය වඩාත් හොඳ බව ද යෝජනා කර තිබෙනවා.

"ඔබට මේ රටේ බලය ගැන කිසිම අදහසක් නැහැ. සෑම ජාතියකින්ම නියෝජිතයන් දිල්ලියට සහය ඉල්ලා පැමිණෙන විට ඔබ එය ඔබේ ජීවිත කාලය තුළ දකිනු ඇත. වසර 10,000ක් පැරණි ශිෂ්ටාචාරයෙන් පැන නගින වේදයේ පාඩම්, ඉතිහාසයේ තීක්ෂණ බුද්ධිය සහ මේ රටේ පවතින මෘදු බව එහි නැඟීමට මඟ පෙන්වයි." යනුවෙන් ද Asle Toje පවසා තිබෙනවා