Sunday, September 8, 2024

General line - 0115112241

පකිස්තානයේ පෝලීයෝ රෝගීන් ඉහලට

චිරාන් ධර්මසේන




වසරේ මේ දක්වා ගත වු කාලය තුල පකිස්තානයෙන් හයවන පෝලියෝ වයිරස් රෝගියා වාර්තා වී තිබෙනවා.

එය පෙර වසරේදී වාර්තා වූ මුළු පෝලියෝ රෝගීන් සංඛ්‍යාවට සමාන බවයි පැවසෙන්නේ.

පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින් පෝලියෝ වැඩසටහන පිළිබඳ රැස්වීමක ප්‍රධානත්වයෙන් දිනකට පසු මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වාර්තා කර තිබෙනවා.

හයවන පෝලියෝ රෝගියා වාර්තා වී ඇත්තේ පකිස්තානයේ බලෝකිස්තානයේ කිලා අබ්දුල්ලා දිස්ත්‍රික්කයෙන්.

පකිස්තාන මාධ්‍ය වාර්තා අනුව හයවන පෝලියෝ රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ මාස 18 ක දරුවෙක්.

කිලා අබ්දුල්ලාහි කිලී සයිදාන් ප්‍රදේශයේ ජීවත් වන ඔහුට උපතේ සිට මුඛ පෝලියෝ එන්නතක් ලැබී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

දරුවාගේ මව්පියන් පවසන්නේ, ජුනි 1 වන දින දරුවාට අධික උණක් වැළඳී ඇති අතර දින දෙකකට පසු දකුණු පාදයේ දුර්වලතාවයක් ඇති වූ බවයි.

පසුව ඔහුට පෝලියෝ බව හඳුනාගෙන තිබෙනවා