Saturday, April 20, 2024

General line - 0115112241

මන්ත්‍රීවරියක් දූෂණය කරන බව පවසමින් තර්ජනාත්මක පණිවුඩ 500ක්..!




ලොව පුරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වීම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙම අධ්‍යයන වාර්තාව එළිදක්වනු ලැබූයේ ජිනීවා හි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්ෂික සම්මේලනයේදීයි.

ලොව පුරා සෑම කලාපයක්ම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් 55 දෙනෙකු යොදා ගනිමින් අධ්‍යයනය සිදුකර තිබෙනවා. ඔවුන්ගෙන් සියයට 80ක්ම ප‍්‍රකාශ කර ඇත්තේ කිසියම් ලිංගික හෝ මානසික අඩත්තේට්ටමකට තමන් මුහුණ දී ඇති බවයි. තමන්ව දූෂණය කරන බවට තර්ජනය කරමින් ට්විටර් පණිවුඩ පමණක් 500කට වැඩි ගණනක් දින 4ක් ඇතුළත ලැබුණු බව යුරෝපා රටක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ප‍්‍රකාශ කර තිබෙනවා.