Monday, May 20, 2024

General line - 0115112241

කෝලිගේ ඊයේ දැවී යාමත් වාර්තා අතරට




ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සමග ඊයේ පැවති තරගයේදී  ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ලකුණු නොලබා දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. 

එක් දින තරගයකදී ඔහු ලකුණු නොලබා දැවී ගියේ වසර 03කට පමණ පසුවයි. කෝලි අවසන් වරට එක්දින තරගයකදී ලකුණු නොලබා දැවී ගොස් ඇත්තේ 2014 වසරේ එංගලන්තයට එරෙහිව කා(ර්)ඩිෆ් හිදී පැවති තරගයකදීයි. 

එමෙන්ම අයි සී සී ලෝක කුසලාන, ශූරයන්ගේ කුසලාන සහ විස්සයි විස්ස තරගාවලියක දී විරාත් කෝලි ලකුණු නොලබා දැවී ගිය පළමු අවස්ථාව ද මෙය වනවා.