Saturday, April 20, 2024

General line - 0115112241

රුසියාවේදී පිහිනුම් ඉසව්වෙනුත් ලංකාවට රන් පදක්කමක් (UPDATE)




රුසියාවේ පැවැත්වෙන 06 වන ආසියානු පාසල් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙලේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.

ඒ, පිරිමි මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන්. එහිදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් මෙම රන් පදක්කම දිනා දුන්නේ තත්පර 58.74 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එම රන් පදක්කමත් සමග ශ‍්‍රී ලංකාව මේ වන විට දිනා සිටින රන් පදක්කම් ගණන දෙකක්.

කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වෙන් තවත් රන් පදක්කමක් ශ‍්‍රී ලංකාවට ඊයේ (10) දිනා දුන්නා. ඔහු තරගය නිම කළේ තත්පර 11.20 කින්.

කොළඹ ලූම්බිණි විද්‍යාලයේ අදීෂ අංජන් මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. තරග නිමි කාලය තත්පර 50.77 ක් ලෙස සටහන් වුණා. ඉකුත් 05 වැනිදා ආරම්භ වූ 06 වන ආසියානු පාසල් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙල ලබන 17 වනදා අවසන් වීමට නියමිතයි.

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් කොළඹ ලූම්බිණි විද්‍යාලයේ  අදීෂ අංජන්
මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් කොළඹ ලූම්බිණි විද්‍යාලයේ  අදීෂ අංජන්

රුසියාවේදී ලංකාවට රන් පදක්කමක්

(Jul 10, 2016 @ 20:30)

හය වැනි ආසියානු පාසල් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළලේ මීටර් සියය ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශලික සන්තුෂ් සමත් වුණා.

ඒ, තත්පර 11.20 ක දක්ෂතාවක් දක්වමින්.

ශලික කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සිසුවෙක්. ඉකුත් පස් වැනිදා ආරම්භ වූ 06 වන ආසියානු පාසල් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙල ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඒ, රුසියාවේදීයි.