Tuesday, September 17, 2024

General line - 0115112241

ආසියානු කුසලාන යොවුන් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව එයි




ආසියානු කුසලාන යොවුන් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (20) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 77 ක ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් පිල පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 294 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගියා ඇෆ්ගනිස්තාන යොවුන් කී‍්‍රඩකයින්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැුස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 217 ක් පමණයි.

ඉන්දීය යොවුන් පිල වෙනුවෙන් හිමන්ෂු රානා ලකුණු 130 ක් රැුස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවා. ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දිවා රාතී තරගයක් ලෙස අද පැවැත්වීමට නියමිතයි.