Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත පිල අද දකුණු අප්‍රිකාව සමග සටනේ




ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා මූලික වටයේ සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම මේ වනවිට අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා සිටිනවා.

ඒ, මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග 6 ක් ජය ගනිමින්.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම පරාජයට පත් වුණේ ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පමණයි.

පන්දුවාර 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා මේ වනවිට පාකිස්තානය සහ ඉන්දියාවද සුදුසුකම් ලබා සිටිනවා.