Friday, April 19, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළිදරව්වෙන් පසු පළමු වරට රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් සෑදු ව්‍යාපාරිකයාට සම්මාන පිට සම්මාන




ඇමරිකාවේ බිස්නස් වර්ල්ඩ් ජාත්‍යන්තර සංවිධානය විසින් පිරිනමනු ලබන බිස්නස් වර්ල්ඩ් ප්ලැටිනන් සම්මානය මෙවර හිමි කර ගනු ලැබූවේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය , ආචාර්ය එච්.ටී.ආර්. ප්‍රියන්ත වෙතයි.

කොරෝනා වසංගතයේ භීතියෙන් දැඩි පීඩාවට පත්ව සිටි විදෙස්ගත ලාංකික ජනතාව නැවත සිය රට පැමිණෙමින් සිටින අවස්ථාවේදී තම ව්‍යාපාරික ස්ථානය වන හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කොට ලබා දෙමින් වටිනාම සමාජ කාර්යයාවලියකට මුල පිරූවේ දේශමාන්‍ය, ආචාර්ය එච්.ටී.ආර්. ප්‍රියන්ත මහතා වීමද විශේෂත්වයක්. ඒ නෙත් එෆ් එම් බැලුම්ගල හරහා සිදුකළ විශේෂ ඉල්ලීමක් අනුවයි.

ඔහුගේ මෙම සත්ගුණවත් කාර්ය ඇගයීමක ප්‍රථිපලයක් ලෙස ඔහුට මෙම සම්මානය හිමිවිය.

පසුගිය දා කොළඹදී පැවැති මෙම ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවය ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති අතර ප්‍රියන්ත මහතා වෙත මෙම සම්මානය ලැබීම ලොවටම ආදර්ශයක් බව නොරහසක්.

බොහෝ මිනිසුන් වසංගත තත්වයක් හමුවේදී මිනිස් ගුණයන් වියැකී යද්දී මෙවැනි ව්‍යාපාරිකයෙකු තම සම්පත් මිනිසුන්ගේ සැපත වෙනුවෙන් ප්‍රදානය කිරීම සම්මානයට පාත්‍ර විය යුක්තක්ය. 

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සිය හෝටලය ලබාදෙමින් පමණක් නතර නොවූ ප්‍රියන්ත මහතා අසරණ පවුල් කිහිපයක් වෙතඉඩම් ලබා දෙමින් ඔවුන්ට සෙවනක් තනා දීමට පියවර ගැනීම අතිශය ගෞණීය කටයුත්තක්.

බිස්නස් වර්ල්ඩ් සම්මානයේ පිදුම් ලැබූ දේශමාන්‍, ආචාර්යය එච්.ටී.ආර්. ප්‍රියන්ත මහතා මෙම සම්මානය හිමිවීම සැබවින්ම අගය කළ යුත් කරුණක්.

මේ අතර දේශමාන්‍ය, ආචාර්යය එච්.ටී.ආර්. ප්‍රියන්ත මහතාට දකුණු ආසියානු ව්‍යාපාරික සමුළුවේදී හොඳම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානය හිමිව තිබෙනවා.