Saturday, April 27, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් ‘ලයිෆ්ස්ටයිල් බෝනස් 2022’ ඇරඹෙයි




යූනියන් ඇෂුවරන්ස් සමාගම සිය රක්ෂණ හිමියන්ට වටිනා තෑගි පිරිනමන ‘ලයිෆ්ස්ටයිල් බෝනස්’ (Lifestyle Bonus) වැඩසටහනේ 2022 අදියර පසුගිය ජනවාරි 01 දින නිල වශයෙන් ආරම්භ විය. 2022 මාර්තු 31 දින හෝ ඊට පෙර, රක්ෂණ සැලසුම් මිලදී ගන්නා ඕනෑම ගනුදෙනුකරුවෙකු හට මේ යටතේ වටිනා ස්මාර්ට් උපාංග දිනාගැනීමට අවස්ථාව හිමි වේ.

ප්‍රවර්ධන කාලසීමාව අවසාන වීමෙන් පසුව පැවැත්වෙන දිනුම් ඇදීමකින් මෙහි ජයග්‍රාහකයන් තෝරාගැනෙනු ඇත. 2022 මාර්තු 31 දින හෝ ඊට පෙර, අවම වශයෙන් රු. 15,000 ක වටිනාකමකින් යුත් මාසික වාරිකයක් (කාර්තුවකට රු. 45,000 හෝ මාස 6 කට රු. 75,000) සහිත රක්ෂණ සැලසුම් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර, වඩාත් ඉහළ වටිනාකමකින් යුත් වාරික සහිත රක්ෂණ සඳහා දිනුම් අවස්ථා වැඩි ගණනක් හිමි වේ.

“ලයිෆ්ස්ටයිල් බෝනස් 2022’ වැඩසටහන ආරම්භ කිරීමට ලැබීම අපට මහත් සතුටක්. 2020 සහ 2021 වසර වලදී ක්‍රියාවට නැංවූ ලයිෆ්ස්ටයිල් බෝනස් වැඩසටහන් වලදී මෙන්ම මෙවරත් අපගේ රක්ෂණ හිමියන්ට වටිනා තෑගි රාශියක් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍යය, විශ්‍රාම ජීවිතය, අධ්‍යාපනය සහ ආයෝජනය යන ප්‍රධාන අංශ ආවරණය කරමින්, ජීවන රටාවන්, අරමුණු සහ සම්බන්ධතා වලට රැකවරණය දෙන සුවිශේෂී විසඳුම් එකතුවක් අප සතුයි. මේ ප්‍රවර්ධන වැඩසටහනත් ඔස්සේ, ඒ සුවිශේෂී විසඳුම් රටේ වැඩි පිරිසක් වෙත සමීප කරවීමට අප බලාපොරොත්තු වෙනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

යූනියන් ඇෂුවරන්ස් ‘ලයිෆ්ස්ටයිල් බෝනස් 2022’ වැඩසටහනේ පළමු ත්‍යාගය වන්නේ iPhone 13 Pro Max 512GB උපාංගයකි. මීට අමතරව අනෙකුත් ජයග්‍රාහකයන්ට iPad Air 2021 (Apple Pencil 2nd Gen සහ Magic Keyboard සමග), Smart TV, i5 11th Generation ලැප්ටොප් පරිගණක, A-series ස්මාර්ට් දුරකථන සහ ප්‍රීතිමත් නිවාඩු ගතකිරීමට තරු පන්තියේ හෝටල් සඳහා වවුචර් පිරිනැමේ.

“ලයිෆ්ස්ටයිල් බෝනස් 2022 යනු, ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයට කෘතගුණ සැලකීමක් ලෙස හැඳින්විය හැකියි. ජයග්‍රාහකයන්ට පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් මෙම වටිනා ත්‍යාග වලින් ප්‍රයෝජන ලැබීමට පුළුවන්. ඉදිරියේදී ගනුදෙනුකරුවන්ට වඩාත්  විශිෂ්ට අත්දැකීම් පෙළක් හිමිවන ආකාරයට අපගේ පාරිභෝගික සේවාව තවදුරටත් දියුණු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසී ය. 

යූනියන් ඇෂුවරන්ස් ‘ලයිෆ්ස්ටයිල් බෝනස් 2022’ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1330 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි අතර, තරගයේ නියමයන් හා කොන්දේසි ඇතුළු තොරතුරු https://unionassurance.com/lifestyle-bonus-2022/si/  හි දක්වා තිබේ.

මෙම තරගය සඳහා රජයේ නියමයන්ට අනුකූලව දේශීය ආදායම් දෙපාර්තමේතුව විසින් WP/GT/5609 යන ලියාපදිංචි අංකය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට අවුරුදු තිහකට අධික දීර්ඝකාලීන පළපුරුද්දක් හිමි පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 15.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 47.5 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 250% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.