Friday, October 18, 2024

General line - 0115112241

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් කිහිපයක්

චිරාන් ධර්මසේන




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා දෙරටේ සම්බන්ධතාවය, වාණිජ්‍යය සහ සහයෝගීතාවයෙන් මෙහෙයවන සමස්ත කලාපයේ සාමය, සෞභාග්‍යය සහ සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ හවුල් දැක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ඉන්දීය සංචාරය අතරතුරයි.

රාජ්‍ය සංචාරයක් වූ එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව සිදුවිය.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ඉන්දීය සංචාරයේදී සම්බන්ධතා, වාණිජ සහ බලශක්ති ක්ෂේත්‍රය ඇතුළත් වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් කර තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා නායකයින් දෙපළ අතර පැවැති ද්විපාර්ශවීය හමුවේදී දෙරටටම ඉතා වැදගත් සහ අරමුණු සහිත සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය රජය පවසයි.

රාජ්ෂාහි සහ කොල්කටා අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමටත්, චිතගොං සහ කොල්කටා අතර නව බස් සේවාවක් ආරම්භ කිරීමටත්, ගෙඩේ-දර්ශන සහ හල්ඩිබාරි-චිලහාති අතර භාණ්ඩ දුම්රිය සේවා ඩල්ගාඕන් දක්වා ආරම්භ කිරීමටත් එහිදී දෙරට එකඟ වී තිබේ.